ශ්‍රී ලංකාවට ඉදිරියේ දී දෙන අතහිත ගැන ඉන්දීය අගමැති මෝදි කී කතාව

ඉන්දියාවේ නිල සංචාරයක නිතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (16) පෙරවරුවේ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වුණා.

එම සාකච්ඡාවෙන් අනතුරුව දෙරටේම රාජ්‍ය නායකයින් දෙදෙනා ඒකාබද්ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ සම්පූර්ණ කතාව පහතින්.

“අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉන්දියාවට සාදරයෙන් පිළිගන්නවා. සිය පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම සම්බන්ධයෙන් අපි වඩාත් සතුටු වෙනවා. මෙම සංචාරය සබඳතාවලට නව වේගයක් සහ ජවයක් ගෙන එනවා. අපගේ හවුල්කාරිත්වය සඳහා අපි අනාගත දැක්මක් අනුගමනය කර තිබෙනවා. අපගේ ආරක්‍ෂක අවශ්‍යතා එකිනෙකට සම්බන්ධ බව අපි සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. ආරක්‍ෂක සහයෝගිතා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමට අපි තීරණය කර තිබෙනවා. ජලවිද්‍යාව පිළිබඳ සහයෝගීතාවයට ද එකඟ වී තිබෙනවා. කොළඹ ආරක්‍ෂක සමුළුව කලාපීය සාමය, ආරක්‍ෂාව සහ සංවර්ධනය සඳහා වැදගත් වේදිකාවක් බව අපි විශ්වාස කරනවා.මේ යටතේ සමුද්‍ර ආරක්‍ෂාව, ත්‍රස්තවාදයට එරෙහි වීම, සයිබර් ආරක්‍ෂාව, ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම, මානුෂීය ආධාර සහ ආපදා සහන වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු වනවා.
අපගේ ආර්ථික සහයෝගීතාවයේ දී, අපි ආයෝජන මූලික කරගත් වර්ධනය සහ සම්බන්ධතාවය කෙරෙහි අවධාරණය කර තිබෙනවා. භෞතික, ඩිජිටල් සහ බලශක්ති සම්බන්ධතාවය අපගේ හවුල්කාරිත්වයේ වැදගත් කුළුණු වනු ඇතැයි අපි තීරණය කර ඇත්තේ. විදුලි ජාල සම්බන්ධතාවය සහ බහු ඛනිජ තෙල් නල මාර්ගය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරනවා.සාම්පූර් සූර්ය බලාගාරය වේගවත් කළ යුතුයි. ශ්‍රී ලංකා බලාගාර සඳහා LNG සපයනු ලබනවා. ද්විපාර්ශ්වික වෙළඳාම නංවාලීම සඳහා දෙපාර්ශ්වයම එක්ටා ඉක්මනින් අවසන් කිරීමට උත්සාහ කරනවා.
අපගේ සංවර්ධන සහයෝගීතාව ඉදිරියට ගෙන යමින් මහව -අනුරාධපුර දුම්රිය කොටසේ සංඥා පද්ධතිය ප්‍රතිංස්කරණය සහ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය සඳහා ආධාර ලබාදීමට අපි තීරණය කර තිබෙනවා.අධ්‍යාපන සහයෝගිතාව යටතේ ලබන වසරේ සිට යාපනයේ සහ නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාලවල සිසුන් 200කට මාසික ශිෂ්‍යත්ව ලබා දීමටත් තීරණය කරලා තිබෙනවා. ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයන් 1500ක් ඉන්දියාවේ පුහුණුවට අවස්ථාව ලබා දෙනවා. නිවාස, පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් සමඟින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, කිරි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ද ඉන්දියාව සහයෝගයෙන් කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ සුවිශේෂී ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතියට ඉන්දියාව ද සහභාගී වනු ඇති.
මගේ අපේක්ෂාව ද්‍රවිඩ ජනතාවගේ මෙන්ම අනෙකුත් ජනවර්ගයාගේ අරමුණු සහ පොදු අපෙක්ෂා ඉටු කරන කඩිනම් සංවර්ධනය දැකිමයි.අනුර කුමාර දිසානයක මහතා ලංකාවේ දියුණුව වෙනුවෙන් ගනු ලබන සියලු ක්‍රියා මාර්ගවලට ඉන්දියාවේ සහාය ලබදෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39