බිත්තර මිලියන 6ක් හෙට (31) දිවයිනට

බිත්තර මිලියන 6ක් රැගත් නෞකාවක් හෙට (31) ඉන්දියාවේ සිට මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ එම බිත්තර තොගය ලබන බ්‍රහස්පතින්දා වන විට දිවයිනේ සියලුම සතොස අලෙවිසැල්වලට බෙදා හැරීමට නියමිත බවයි.

උත්සව සමයේ බිත්තර මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් 2024 වසරේ අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළා.

ඒ අනුව අවස්ථා දෙකක්දී ඉන්දීයාවෙන් බිත්තර ආනයනය කෙරුණු අතර තවත් බිත්තර මිලියන 06ක් රැගත් නෞකාවකුයි හෙට දිවයිනට පැමිණෙන්නේ.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ලබන වසර අවසන් වන විට බිත්තර සහ කුකුළු මස් මිලෙහි අඩුවක් අපේක්ෂා කරන බවයි.

මේ අතර එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14