බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගන්න වරෙන්තු

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට අද (22) දිනයේ මාතර මහේස්ත්‍රත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට අද (22) දිනයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

මෙහිදී බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින්, ඔහු අසනීප තත්ත්වයෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබන බැවින් අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටින බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් දන්වා සිටියා.

දිගින් දිගටම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අධිකරණය මඟ හරිමින් සිටින බැවින්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්තාත් චතුරංග එරංග දිසානායක මහතා බැසිල් රාජපක්ෂට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළා.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ කලණ කොඩිකාර පෙනී සිටි අතර ඇය දිර්ඝ කරුණු දැක්වීමක් සිදු කළා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අද දින ලංකාවට පැමිණීමට ගුවන් බලපත්‍ර වෙන කර පසුව ඒවා අවලංගු කිරීමට කටයුතු කර ඇති බව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇය අනාවරණය කර සිටියා.

අයථා ලෙස උපයා ගත් මුදල් භාවිත කරමින් මාත,ර බ්‍රවුන්සිල ප්‍රදේශයේ ඉඩමක් මිලිදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති, ඇයගේ ස්වාමියා තිස්ස ගලප්පත්ති මුදිත ජයකොඩි යන අයට එරෙහිව නඩුව ගොනු කර තිබෙනවා.

එහිදී නඩුවේ තෙවන විත්තිකාර බැසිල් රාජපක්ෂ හා සිව්වන විත්තිකාර හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔවුන්ගේ ඇපකරුවන් විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා.

නමුත් මහෙස්ත්‍රාත්වරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලිමෙන් අනතුරුව අධිකරණය මඟ හැර සිටි සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි වරෙන්තු නිකුත් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
2
+1
68
+1
3
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26