කටුනායක හෝටලයක සැකකටයුතු මරණයක්

සීදුව පොලිස් වසමේ ආපනශාලාවේ ඉහළ මහලෙන් පුද්ගලයෙක් පහළට ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වනවා

ඒ අනුව, සිද්ධිය වූ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා එම ආපනශාලාවේ ආහාර පිසීමේ කටයුතුවල නිරතව සිටි 48 හැවිරිදි අයෙකු බවයි.

ඔහු “හිරුවින්ද”, 3 වන පටුමග, ඉසුරුපෙදෙස, බෝයගනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ (15) රාත්‍රියේ සේවා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ඔහු එම ආපනශාලාවේ ඉහළ මහලේ පිහිටි තමන් රැඳී සිටි කාමරයේ සිට ඇති අතර, එම ආපනශාලාවේ සේවය කරන තවත් සේවකයින් දෙදෙනෙකු වෙනත් කාමරයක රැඳී සිට ඇති බවද අනාවරණය වී තිබෙනවා.

මියගිය පුද්ගලයා සහ එම කාමරයේ රැඳී සිටි තවත් පුද්ගලයෙකු අතර ගැටුමක් ඇතිවී ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බාවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙම මරණය සිදුවූ ආකාරය සහ ඊට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.