නාවික හමුදාව, ඊයේ (15) දින මන්නාරම මුලන්කාවිල් යහප්පාර් වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මත්ස්‍යයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ ලොරි රථයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරුණා.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, මුලන්කාවිල් යහප්පාර් වෙරළ ප්‍රදේශයේ සැකකටයුතු ලොරි රථයක් පරීක්‍ෂාවට ලක් කෙරුණා.
එහිදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන කිලෝ 370කට අධික මත්ස්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි වයස අවුරුදු 29ක් හා 48ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක් සහ එම ලොරි රථය මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව කටයුතු කර තිබුණා.













