බැට් එක කඩුල්ලේ වැදුනත් හිට් විකට් නෑ, IPL පළමු තරගයේ වූ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි

ජයග්‍රාහණයකින් 2025 අයි.පී.එල් ගමන අරඹන්නට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ඊයේ (22) අවස්ථාව හිමි වුණා.

ඒ, මෙවර තරගාවලියේ ආරම්භක තරගයේ දී පසුගියවර ශූරයින් වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 07කින් ජයග්‍රහණය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 174ක් කඩුලු 08ක් දැවී ලබාගත් අතර, බැංගලෝර් කණ්ඩායමට හිමි වූ ලකුණු 175ක ඉලක්කය පන්දුවාර 16යි පන්දු 02ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී පසුකර යමින් තරගය ජයග්‍රහණය කළා.

මේ අතර මෙම තරගයේ කොල්කටා ඉනිමේ ආරම්භක පිතිකරු සුනිල් නරේන් මුහුණ පෑ සිදුවීමක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඔහුගේ ඉනිම අතරතුර, කඩුල්ලේ පිත්ත වැදී බේල්ස් හදිසියේම ඉවත්වනවා.

මේ පිළිබඳව බැංගලෝර් කණ්ඩායම කුතුහලයට පත්වන අතර, එම සිදුවීම විනිසුරුවරුන් නැවත විමසීමට කටයුතු කරනවා.

කෙසේ වෙතත් සුනිල් නරේන් නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස විනිසුරුවරුන් නම්කරන අතර, එහිදී විනිසුරුවරුන් පවසා සිටියේ නරේන්ගේ පිත්ත කඩුල්ලේ වදින අවස්ථාවේ පන්දුව ක්‍රියාත්මක වෙමින් නොතිබූ (සජීවී තත්ත්වයේ) බවයි.

ඒ, අනුව නරේන් නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නම්කළ අතර, එම සිදුවීම සිදුවන අවස්ථාවේ පන්දුව ක්‍රියාත්මක වෙමින් තිබුණා නම් නිසැකවම ඔහු හිට් විකට් ලෙස දැවී ගිය ක්‍රීඩකයෙක් බවට පත් වනවා.

සුනිල් නරේන් මෙම තරගයේ දී පන්දු 26 කින් ලකුණු 44 ක් ලබාගත් අතර, හතරේ පහර 05ක් සහ හයේ පහර 03ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40