බැකෝ සමන්ගේ මවගේ ඝාතනයට දෙදෙනෙක් අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න හෙවත් ‘බැකෝ සමන්’ නැමැත්තාගේ මව වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය සමඟ මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි වරස අවුරුදු 21ක පුද්ගලයෙක් පසුගිය 19 වනදා අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරු රැඳවුම් නියෝග මත මිද්දෙනිය පොලිස් ස්ථානයේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකර ඇති අතර එහිදී ඔහු පසුගිය 12 වනදා මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ මව වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ බවට අනාවරණය වී තිබෙනවා.

මෙම අපරාධයට සැකකරු ආධාර අනුබල ලබා දී ඇති අතර, සැකකරු ඊයේ (23) දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමටයි නියෝග කර ඇත්තේ.

මේ අතර මෙම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙක් ඊයේ (23) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන මිද්දෙනිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරු අවුරුදු 24 ක් වන මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී පසුගිය 12 වනදා පස්වරුවේ සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව ජීවිතක්ෂයට පත් වුණා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර පලාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48