තායිලන්තයේ බැංකොක් නගරයට ආසන්න නොන්තබුරි ප්‍රදේශයේ පිහිටි ඩෙබ්සිරින් නොන්තබුරි පාසලේ අද සිදුවූ වෙඩි තැබීමකින් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තායිලන්ත පොලිසිය සඳහන් කරන්නේ, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා එම පාසලේම සිසුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, ප්‍රහාරයෙන් අනතුරුව ඔහු සියදිවි නසාගෙන ඇති බවයි.
සිද්ධියෙන් අනතුරුව ගිලන් රථ සහ හදිසි සහන කණ්ඩායම් පාසල වෙත ළඟා වී ඇති අතර, සිසුන් ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ පාසලේ සිසුන් 3,100කට අධික පිරිසක් සහ ගුරුවරුන් 147 දෙනෙකු සේවය කළ බව ප්‍රාදේශීය බලධාරීන් පවසනවා.













