මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් එක් රැඳවියෙක් මරුට

නව මැගසින් බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.