පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවෙස් අවට වීඩියෝ කළ අයෙක් අත්අඩංගුවට

පොලිස්පතිවරයාගේ නිල නිවස හා අගවිනිසුරුවරයාගේ නිල නිවස අවට මාර්ගය වීඩියෝ ගතකළ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම සැකකරුව වීඩියෝ ගතකිරීමට යොදාගත් ජංගම දුරකථනය සමඟ ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස්පතිවරයාගේ නිල නිවසේ ප්‍රධාන දොරටුවේ රාජකාරී යෙදී නිලධාරියෙක් ලබා දුන් තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල නිලධාරියා රාජකාරීයේ යෙදී සිටින අතරතුර මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් පොලිස්පතිවරයාගේ නිල නිවස අසල මාර්ගය වීඩියෝ වීඩියෝ ගත කරන බවට නිරීක්ෂණය වී ඇති අතර, ඒ අනුව අදාළ නිලධාරියා ඒ සම්බන්ධයෙන් ආසන්නයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙක් දැනුවත් කර තිබුණා.

පසුව කොළඹ හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලිසි ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරක රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව සැකකරුගේ ජංගම දුරකථනය ගෙන පරික්ෂා කිරීමේදී පොලිස්පතිවරයාගේ නිල නිවස අවට මෙන්ම අගවිනිසුරුතුමාගේ නිල නිවස අවට ද ඒ අයුරින් වීඩියෝ ගත කර තිබුණා.

සැකකරු අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු 40 හැවිරිදි අයෙක්.

කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
සජිත් බන්ධනාගාර සිද්ධිය ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - සැලසුම්ගතව කරන කඩාකප්පල්කාරි වැඩක්
02:53
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ආරක්ෂාව තර කරයි - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
බන්ධනාගාර නොසන්සුන්තාව ගැන ආනන්දගෙන් විශේෂ ප්‍රකාශයක් - ආහාරවලට එළියට දැම්මට පස්සේ ඇතුළට ගිහින් නෑ
04:43
Video thumbnail
අධිකරණ ඇමති ඇවිත් කළබලය ගැන ප්‍රකාශයක් කරන්න - සජිත් බන්ධනාගාරය ගැන කට අරියි
01:20
Video thumbnail
වහලයට නැගපු රැඳවියෝ එකම හඬින් කෑගහලා ඉල්ලන දේ...
00:58
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නගී - උඩ ඉදන් රැඳවියෝ කෑගහයි
02:07
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නගී...
00:14
Video thumbnail
නොසන්සුන්වූ කුරුවිට බන්ධනාගාරයේ ඇතුළත දර්ශන - රැඳවියෝ ඇතුළේ ඉදන් අත් වනන හැටි
02:46
Video thumbnail
🔴Breaking News
02:35