මීගමුව, දළුපත, පල්ලන්සේන බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්තවයක් හටගෙන තිබෙනවා.
එම බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් බන්ධනාගාරයෙන් පිටතට ගල් මුල් ප්‍රහාර එල්ල කරන බවයි තොරතුරු වාර්තා වුණේ.
මේ අතර තවත් රැඳවියන් පිරිසක් එම බන්ධනාගාර වහලය මතට නැගී විරෝධතාවයක නිරතවන අතර, ඔවුන් විවිධ බැනර් බොඩ් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය පලකර සිටින බව දසත නිවුස් වාර්තාකරු පැවසුවා.













