බන්ධනාගාර තුළ සියලු නොසන්සුන්කාරී සිද්ධීන් යම් සැලැස්මකට අනුව සිදු වෙනවා – මහජන ආරක්ෂක ඇමති

දිවයිනේ බන්ධනාගාර කිහිපයක අභ්‍යන්තරයේ මේ වන විට ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයන් යම් සැලැස්මකට අනුව සිදුවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඊයේ (06) රාත්‍රියේ සහ අද (07) උදෑසන සිට කොළඹ නව මැගසින් බන්ධනාගාරය, කුරුවිට බන්ධනාගාරය සහ පල්ලන්සේන යන බන්ධනාගාරවල මෙලෙස නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වුණා.

මේ සම්බන්ධයෙන් අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කළා.