Empty Ad
AFC Banner
Empty Ad

බහින්බස් වීමක් දුරදිග ගිහිං පිරිසක් අයෙක්ට ගල්වලින් පහර දී මරා දමයි

වරකාපොළ – මාදෙනිය ප්‍රදේශයේ දී පිරිසක් පුද්ගලයකුට ගල්වලින් පහර දී ඝාතනය කර ඇතැයි වරකාපොළ පොලිසිය පවසනවා.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ මාදෙනිය ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි කම්කරුවෙකු වශයෙන් සේවය කරන පුද්ගලයෙක්.

මොහු පිරිසක් සමග ඉකුත් 10 වැනි දින රාත්‍රියේ මත්පැන් පානය කර ඇති අතර, එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්, මත්පැන් පානය කළ පිරිස මොහුට ගල්වලින් පහර දී ඝාතනය කර ඇතැයි පැවසෙනවා.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කෑගල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (11) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?