මහර බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත් රැඳවියාගේ මරණයට හේතුව අනාවරණය වෙයි

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (03) පස්වරුවේ විශේෂ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් රාගම ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී සිදු කර තිබෙනවා.

එහිදී අධික ලෙස රුධිරය වහනය වීම මරණයට හේතුව වී ඇති බවට වෛද්‍ය කණ්ඩායම විසින් තීන්දු කර ඇති අතර වාර්තාව අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මරණ පරික්ෂණයෙන් අනතුරුව දේහය වත්තල ප්‍රදේශයේ පදිංචි ඥාතීන්ට භාර දී තිබෙනවා.