අයහපත් කාලගුණය හමුවේ සිදු වූ ජීවිත හානි ඉහළට

බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (03) දිනයේ පොල්පිටිය, මොරහේනගම ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් 22 හැවිරිදි තරුණයෙක් සහ කාන්තාවන් තුන්දෙනෙක් ඇතුළුව පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

වටවල, ඥානාන්දගම ප්‍රදේශයේ දී ද පාලමක් මතින් ගමන් කරමින් සිටියදී මහවැලි ගඟට වැටීමෙන් 53 හැවිරිදි පුද්ගලයෙක් ද ජීවිතක්ෂයට පත්ව තිබුණා.

තවද නාවලපිටිය, ජනඋදාන ගම්මානයේ වෙළෙඳසලක් මතට පස්කන්දක් කඩා වැටී 67 හැවිරිදි පුද්ගලයෙක් ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම නාවලපිටිය පස්බාගේ කෝරළයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 67 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති තිබෙනවා.

මේ අතර ගිනිගත්හේන, අඹගමුව ප්‍රදේශයේ දී 45 හැවිරිදි පුද්ගලයෙක් ද ජල පහරකට හසුව අතුරුදහන්ව ඇති බව පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57