බස් වර්ජනයක් පොලිසිය මැදිහත් වීමෙන් අත්හිටුවයි

පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොලේ වේලා සටහන් කරුවෙකුට පහරදීමේ සිදුවීමට එරෙහිවෙමින් ආරම්භ කිරීමට සැලසුම් කළ බස් වර්ජනය පොලිසියේ මැදිහත්වීමෙන් අත්හිටුවීමට සමත් ව තිබෙනවා.

පහරකෑමට ලක්වූ පානදුර මාලමුල්ල පදිංචි වේලා සටහන්කරු ප්‍රතිකාර සඳහා පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාර්ග අංක 162, පිළියන්දල- බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කැස්බෑව ඩිපෝවට අයත් බස් රථයක රියදුරෙකු සම්මත ක්‍රමයට පටහැනිව බස් රථය නැවතුම්පොළේ ගමන් ආරම්භ කිරීම සඳහා ගාල් කර තිබෙනවා.

එම අවස්ථාවේ වේලා සටහන්කරු සිය විරෝධය පළ කර බස් රථය ඉවත් කර ගන්නා ලෙස පැවසීමත් සමගම මෙම පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම සිදුවීමත් සමඟ පිළියන්දල ප්‍රධාන බස්නැවතුමෙන් ආරම්භ වන කෙටි දුර මාර්ග සහ අතුරු මාර්ග වලට අයත් බස් රථවල රියදුරන් සහ කොන්දොස්තර වරුන් බස් රථ ධාවනය නවතා වර්ජනය කිරීමට සූදානම් වන බවට පිළියන්දල පොලිසිය ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වීමෙන් වර්ජනය අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

වර්ජනයට සුදානම් වූ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් හමු වූ රථවාහන අංශයේ ස්ථානාධිපති, පහර දුන් බව කියන රියදුරු සහ කොන්දොස්තරවරයා ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවට ලබාදුන් පොරොන්දුවක් අනුවයි වර්ජනය අතහැර දැමීමට රියදුරන් සහ කොන්දොස්තරවරුන් එකඟතාවය පළ කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පිළියන්දල පොලිසිය විසින් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58