spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බඹර ප්‍රහාරයකින් පාසල් සිසුන් 76ක් රෝහලේ

පස්සර පොදු ක්‍රිඩාංගනයේ අද (20) දින පැවැති පාසල් නිවාසාන්තර මළල ක්‍රිඩා උත්සවයක් අතරතුර එල්ලවු බඹර ප්‍රහාරකින් සිසු සිසුවියන් 76 දෙනෙකු පස්සර මුලික රෝහලට ඇතුළත් කළ බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා පවසනවා.

මෙලෙස රෝහල් ගත කරන ලද සිසු සිසුවියන් 76 දෙනා අතරින් 50 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවත් තවත් 26 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා බවත් එම වෛද්‍යවරයා සඳහන් කළා.

මෙම ක්‍රිඩාංගනයට පහලින් පිහිටි කැලෑබද ප්‍රදේශයේ පවතින බඹර වදවලට සිසුන් පිරිසක් විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාරයක් හේතුවෙන් මෙම බඹරුන් ඇවිස්සිමෙන් සිසුන් ප්‍රහාරයට ලක් වූ බව මෙතෙක් සිදුකල විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි ද පස්සර පොලිසිය කියා සිටියා.

මේ පිළිබඳව පස්සර පොලිසිය විසින් වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?