බම්බලපිටිය මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා මෙම සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් සුරාබදු නිලධාරීන් බවත් එම නිලධාරීන්, මෝටර් රථයට වෙඩිතබා ඇත්තේ එහි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින බව සැකකර බවයි පොලීසිය පැවසුවේ .
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සඳහා තම කණ්ඩායම එම ස්ථානයට ගිය බවත් සැකකරුවන් පළායාමට උත්සාහ කිරීමේදී මෝටර් රථයට වෙඩිතැබූ බවත් සුරාබදු නිලධාරීන් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.
තමන් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මුදල් ලබාදී මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට සැලසුම් කර තිබූ බව සුරාබදු නිලධාරීන් ප්‍රකාශ කර තිබුණද, ඔවුන් සතුව මුදල් නොතිබූ බව පොලීසිය පැවසීය.
මේ අතර වෙඩි ප්‍රහාරයට ලක් වු මෝටර් රථය වැල්ලවත්ත ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.













