බදුල්ල – දුන්හිඳ මාර්ගයේ දුන්හිඳ 04 කණුව ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීයාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම අනතුරින් තවත් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
Update – Saturday, June 21, 2025, 7.09PM
බදුල්ල – දුන්හිඳ මාර්ගයේ 04 කණුව ප්‍රදේශයේ අද (21) පස්වරුවේ බස් රථයක් පෙරලී සිදු වූ අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
තවත් 27 දෙනෙකු තුවල ලබා රෝහල් ගතකර ඇති බවයි ‘දසත නිවුස්’ බදුල්ල වාර්තාකරු සඳහන් කළේ.
බස්රථයේ රියදුරු සහ රිය සාහයකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස් රථය අධික වේගයෙන් ධාවනය වෙමින් තිබිය දී මාර්ගය අසල කණුවක ගැටී පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තඹුත්තේගම සිට බණ්ඩාරවෙල දක්වා විනෝද ගමනක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක්.
Update – Saturday, June 21, 2025, 6.52PM
බදුල්ල – දුන්හිඳ මාර්ගයේ රථයක් පෙරලී අනතුරක් සිදුව තිබෙනවා.
විනෝද චාරිකාවක් පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.
අනතුරින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.