බදුල්ල ක්‍රීඩා නිලධාරියෙකුට පහර දීමක් (ඡායාරූප)

ක්‍රීඩා නිලධාරියෙකුට සිදුකල පහරදීමකට විරෝධය පළකරමින් හා පහරදුන් පුද්ගලයා වහා අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරන උද්ඝෝෂණයක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද දහවල් පැවැත්වුණා.

එය සංවිධානය කර තිබුණේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවකයින් එක්වයි.

බදුල්ල පොලීසිය පැවසුවේ අද උදෑසන බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව රාජකාරියේ නිරත ක්‍රීඩා නිලධාරිකුට මෙම පහරදීම සිදුව ඇති බවයි.
.
ශරීර සුවතාවය පිණිස ක්‍රීඩාංගනයට පැමිණෙන පුද්ගලයින්ට ධාවන පථයේ ඇවිදීම නොකරන ලෙසට පහරකෑමට ලක්වූ ක්‍රීඩා නිළධාරියා විසින් කරන ලද දැනුම් දීමක් සහ ධාවන පථයේ ඇවිදීම් සිදුකරන අන්දම ඔහු ඡායාරූප සමග සමාජ මාධ්‍ය තුළ පලකිරීම සම්බන්ධයෙන් උරන වූ පුද්ගලයෙක් මෙම පහර දීම කර ඇති බවත් පොලිසිය පැවසුවා.

පහරදීම සිදුකළ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර පහරකෑමට ලක්වූ නිලධාරියා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Paharadeemak 3
Paharadeemak 1
Paharadeemak 4
Paharadeemak 5
Paharadeemak 2
badilla att
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?