‌පෞද්ගලික අංශයට 5000 දෙන්න බැහැ

රජයේ සේවකයන්ට ලබා දීමට නියමිත රුපියල් පන්දහසේ දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ දොළහකට ලබාදීම කෙරෙහි හාම්පුතුන් එකඟත්වය පළ කර නැතැයි කම්කරු අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයට දැනුම් දී ඇත.

මෙම දීමනාව පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට ද ලබාදීමේ හැකියාව සොයාබලන ලෙස ඇමැති මණ්ඩලය කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වාට දැනුම් දී තිබුණි. ඒ අනුව ඇමැතිවරයා හාම්පුතුන් සහ වෘත්තිය සමිති කැඳවා සාකච්ඡා පවත්වා ඇත.

විදේශ විනිමය හිඟවීම, අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් නිෂ්පාදන අවම වීම, ණය හා ලීසිං වාරික ඉහළ යෑම සහ අත්‍යවශ්‍ය බාණ්ඩ ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් සේවක සේවිකාවන්ට මෙම දීමනාව ලබා දිය නොහැකි බව හාම්පුතුන් දැනුම් දී ඇත. තේ හා රබර් අපනයන වැවිලි බෝග සම්බන්ධ හාම්පුතුන් මෙහි දී පෙන්වා දී ඇත්තේ වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් දහසකින් වැඩි කිරීම නිසා රුපියල් මිලියන 600ක අමතර වියදමක් දැරීමට සිදුව ඇති බවයි. එය වාර්ෂිකව රුපියල් බිලියන හතක් පමණ වෙයි. තවද රසායනික පොහොර හා කෘමිනාශක ආනයනය සීමා කිරීම හේතුවෙන් අස්වැන්න අඩු වී ඇති බව ද හාම්පුතුන් පෙන්වා දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
00:00
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54
Video thumbnail
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට එයි - "දන්නේ නෑ ඉතින්..ගිහින් ඇවිත් කතා කරමු"
00:42
Video thumbnail
පාරම්පරික වෛද්‍ය ප්‍රශ්නය නිසා නලින්ද - දයාසිරි පැටලෙයි..සිංහලෙන් කිව්වනේ මම විරුද්ධ වුණා
05:40
Video thumbnail
කවුරු හිරේ දැම්මත් 2029 අනිවාර්යෙන් නාමල් ජනපති වෙනවා - ඉබ්බන්කොළවලින් පස්ස පිහිදන් හිටපු මනුස්සයෙක්
05:43
Video thumbnail
වරප්‍රසාද ප්‍රශ්නයක් පටලගෙන දයාසිරි පාර්ලිමේන්තුවේ යකා නටයි - වැරදීම් වෙනවා..ඔබතුමාටත් වෙන්නේ ?
01:16
Video thumbnail
ඉදිරි කාලයේ දිවයින පුරා වැසි ඇතිවිය හැකියි - කාලයගුණයේ නවතම තතු මෙන්න
03:59
Video thumbnail
කළුබෝවිල සලිත කළ අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු නිවසට දැඩි ආරක්ෂාවක්
00:50
Video thumbnail
ස්කූටරයකින් ඇවිත් අත් බෝම්බයකින් නිවසකට ප#ර දුන් අයුරු - සියල්ල CCTV කැමරාවේ
00:47
Video thumbnail
මේවට ඇඟිල්ල ගහන්න එපා කියලා මට කිව්වා - එකෝ පාලම හදලා දෙන්න නැත්තම් ගලවගෙන යන්න
09:49