2016 මාර්තු 29 වැනිදා පැවති මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව යළි ඔක්තෝබර් 04 වැනිදා පවත්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න නියම කළා.
මෙම නඩුව විභාගයට මින් පෙර පත්කර තිබූ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සම්පූර්ණ වී නැති හෙයින් එම විනිසුරු මඩුල්ල පත් කරන තෙක් නඩුව කල්තැබීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළා.
2016 වසරේ මාර්තු 29 වැනිදා බැඳුම්කර වෙන්දේසිය තුලින් රජයට රුපියල් කෝටි 3698ක පාඩුවක් සිදු කිරිම ඇතුළු අධි චෝදනා 32 ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්, පත්තිනිගේ සමරවීර, අර්ජුන් ඇලෝසියස්, ඇතුළු 10 දෙනෙකුට මෙම නඩුව පවරා තිබෙනවා.













