අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිර දඬුවම් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රදානය කළ පොදු සමාව බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචරාධිකරණය විසින් වසර හයක සිර දඬුවම් නියම කර තිබුණා.
එම දඬුවමින් ඥානසාර හිමියන් නිදහස් කරමින් එවක ජනාධිපතිවරයා විසින් පොදු සමාවක් ප්‍රදානය කර තිබුණා.













