පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂට එයි (වීඩියෝ)

සබරගමු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව තිබෙනවා.

ඒ, අනුව ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ආසන සංවිධායක ලෙසත් රත්නපුර දිස්ත්‍රික්කයේ නායකයා ලෙසත් පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම පත්වීම්වලට අදාළ පත්වීම් ලිපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා අද (30) පිරිනමා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්