spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිසියෙන් කියා පොලිස් නිලධාරියෙකුගේ නිවස කොල්ලකෑ 3ක් අල්ලයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බවට පවසමින් වැලිපැන්න ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී දේපළ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මෙම අපරාධය සඳහාා යොදාගත් ජංගම දුරකථනයක් ද සමගින්.

පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 3 වනදා වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි පොලිස් නිලධාරියෙකුගේ නිවසට ඇතුලු වූ පිරිසක් ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වා දේපළ කොල්ලකා පළාගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශන සිදු කර පසුගිය 9 වනදා මොරටුව සහ පානදුර ප්‍රදේශවලදී මෙම අපරාධයට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

අවුරුදු 32 සහ 39 වයස්වල පසුවූ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලකන ලද ජංගම දුරකථනයක් ද සමගින්.

මෙම අපරාධයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අද උදෑසන නාගොඩ හංදිය අසලදී අපරාධය සිදු කරන ලද අවස්ථාවේ භාවිත කළ ජංගම දුරකථනයක් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

23 හැවිරිදි එම සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?