පොලිසියෙන් කියා පොලිස් නිලධාරියෙකුගේ නිවස කොල්ලකෑ 3ක් අල්ලයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බවට පවසමින් වැලිපැන්න ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී දේපළ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මෙම අපරාධය සඳහාා යොදාගත් ජංගම දුරකථනයක් ද සමගින්.

පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 3 වනදා වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි පොලිස් නිලධාරියෙකුගේ නිවසට ඇතුලු වූ පිරිසක් ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වා දේපළ කොල්ලකා පළාගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශන සිදු කර පසුගිය 9 වනදා මොරටුව සහ පානදුර ප්‍රදේශවලදී මෙම අපරාධයට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

අවුරුදු 32 සහ 39 වයස්වල පසුවූ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලකන ලද ජංගම දුරකථනයක් ද සමගින්.

මෙම අපරාධයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අද උදෑසන නාගොඩ හංදිය අසලදී අපරාධය සිදු කරන ලද අවස්ථාවේ භාවිත කළ ජංගම දුරකථනයක් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

23 හැවිරිදි එම සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56