පෙම්වතිය අහිමි වූ පෙම්වතා පොලිස් කූඩුවට

තම හිටපු පෙම්වතියගේ නිරුවත් ඡායාරූප වෙබ් අඩවි හරහා සමාජ මාධ්‍යයට මුදාහැරි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලේකැලේ ර‍යිෆල් බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ හමුදා සෙබළෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කාලයක් තිස්සේ ප්‍රේම සමබන්ධයක් පැවැත් වූ තරුණිය වෙනත් පුද්ගලයෙකු හා විවාහ වීම නිසා උරණව සැකකරු ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බවටයි විමර්ශන නිලධාරීන් හෙළි කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන තරුණයෙක්.

කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමේ දී සැකකරු මහනුවර පල්ලේකැලේ රයිෆල් බලකා කඳවුරට අනුයුක්තව සේවය කරන බව අනාවරණය වී තිබුණා.

සැකකරු අත්අඩංගුවට ගෙන මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?