Fly high Get bonus Aviator Phone

පෙන්ෂන් ගෙවීමේ ක්‍රමවේදය විධිමත් කරන්න – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස්

මෙරට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා සේවකයන් වෙනුවෙන් හිමි විශ්‍රාම වැටුප් ප්‍රමාදයකින් තොරව ගෙවීමට සහ ඒ සඳහා ඇති වැඩපිළිවෙල පිළිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස විවෘත සහ වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

විශ්‍රාම වැටුප ලැබීමට දිර්ඝ කාලයක් ගතවීම නිසා ජනතාව අපහසුතාවයට පත්වන බව සඳහන් කළ සභාපතිවරයා මෙය දිර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළුවක් බවත් ඒ පිළිබඳ පැමිණිලි නිතර
ලැබෙන බවත් සඳහන් කළා.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා වී තිබෙනවා.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ නිවැරදිව සම්පූර්ණ කරන ලද විශ්‍රාම වැටුප් අයදුම්පත්‍රයක් ලැබී මසක කාලයක් ඇතුළත ව්ශ්‍රාම වැටුප ගෙවීමේ හැකියාව පවතින බවයි.

බොහෝ ගැටළු මතු වන්නේ අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ නොවීම හේතුවෙන් බවද ඔවුන් පෙන්වා දුන්නා.

සාමාජික මන්ත්‍රීවරයන් සඳහන් කළේ සිය විශ්‍රාම වැටුප් පිළිබඳ තොරතුරු දැනගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පිළිබඳ ජනතාව තුළ බලවත් කළකිරිමක් පවතින බවයි.

ඒ හේතුවෙන් මෙම ක්‍රමවේදය නවීන තාක්ෂණයද උපයෝගී කරගෙන ජනතාවට පහසුවෙන් සේවා සැලසෙන අයුරින් සැකසිය යුතු බව ද මන්ත්‍රීවරු පෙන්වා දුන්නා.

එමෙන්ම සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම විශ්‍රාම වැටුප් සම්බන්ධව කටයුතු කිරිම සඳහා උපාධිධාරි නිලධාරියෙක් පත් කිරීමට යෝජනා කරන ලෙස ද මන්ත්‍රීවරු සඳහන් කළා.

මෙහිදි ඒ ඒ දිස්ත්‍රික්ක වලට අදාළ විශ්‍රාමිකයන්ගේ සංගම් කමිටුව වෙත කැඳවා ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සුදුසු බව සාමාජික මන්ත්‍රීවරුන් විසින් යෝජනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටුනායක කර්මාන්තශාලාවක් නැවැත්වීමෙන් කම්කරුවන් 1200කගේ රැකියා අහිමිවේ
14:45
Video thumbnail
ම#රණය අතේ තියාගෙන විදුලි ට්‍රාන්ස්පෝමරයෙන් මහ රෑ තඹ කම්බි කපන හැටි
01:42
Video thumbnail
රැග් දෙනවනම්..ඌව අල්ලලා ගස් බැදපියව්.. සීලරතන හිමි ෆයර් වෙයි
04:17
Video thumbnail
දෑතට විලංගු වැටුණු රඹුක්වැල්ලගේ පුතා පියාගේ අඩිපාරෙම යන හැටි
01:25
Video thumbnail
දයාසිරිට නහුතෙට තදවෙයි - මුලාසනයට කියපු සැර කතාව
07:15
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
04:04:24
Video thumbnail
අනුරගේ දැන් තියෙන්නේ ගජමිතුරු දේශපාලනයක්.. දයාසිරි අනුරට රිදෙන්නම දෙයි
17:56
Video thumbnail
මෙන්න වැඩක් - ලක්ෂ 59 ක මුදල් වංචාවකට මාලිමා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
03:45
Video thumbnail
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට පත්වුණු හැටි මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:16
Video thumbnail
අදත් නාමල් රාජපක්ෂ අධිකරණයට - එළියට එද්දී කියපු සැර කතාව
03:59

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?