පුද්ගලයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර එය ටික්ටොක් දැමූ පිරිසක් අත්අඩංගුවට

පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී එය වීඩියෝ ගතකර ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මුදාහැරී පිරිසක් කන්කසන්තුරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වඩමාරච්චි සහ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් අටදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අදාළ ප්‍රහාරය එල්ලකර දින 10කට ආසන්න කාලයක් ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කලක සිට පැවති ආරවුලක් මුල් කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඔවුන් එම අවස්ථාව වීඩියෝ ගතකර ටික්ටෝක් මාජ මාධ්‍ය ජාලය මුදා ගැරීමට කටයුතු කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 54ක පුද්ගලයෙක්.

බරපතල කැපුම් තුවාල ලැබූ එම පුද්ගලයා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී කඩු ඇතුළු තවත් යුධ තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කන්කසන්තුරේ පොලිසිය කටයුතු කර තිබූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
3
+1
3
+1
4
+1
1
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?