පුද්ගලයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර එය ටික්ටොක් දැමූ පිරිසක් අත්අඩංගුවට

පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී එය වීඩියෝ ගතකර ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මුදාහැරී පිරිසක් කන්කසන්තුරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වඩමාරච්චි සහ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් අටදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අදාළ ප්‍රහාරය එල්ලකර දින 10කට ආසන්න කාලයක් ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කලක සිට පැවති ආරවුලක් මුල් කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඔවුන් එම අවස්ථාව වීඩියෝ ගතකර ටික්ටෝක් මාජ මාධ්‍ය ජාලය මුදා ගැරීමට කටයුතු කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 54ක පුද්ගලයෙක්.

බරපතල කැපුම් තුවාල ලැබූ එම පුද්ගලයා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී කඩු ඇතුළු තවත් යුධ තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කන්කසන්තුරේ පොලිසිය කටයුතු කර තිබූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23