Fly high Get bonus Aviator Phone

පිරිසකගෙන් පහර කෑ තරුණයෙක් දින කිහිපයකට පසු ජීවිතක්ෂයට

පුද්ගලයින් පිරිසක් විසින් තරුණයෙකුට පහර දී ඝාතනය කළ පුවතක් හබරාදූව, අම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පැරණි ආරවුලක් මත සිදු වූ බහින්බස්වීමක් දුරදිග ගොස් පසුගිය 23 වනදා මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අතින් පයින් සහ පොලු මුඟුරුවලින් පහරකෑමට ලක් වූ 21 හැවිරිදි මෙම තරුණයා කරාපිටිය රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (26) මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මිහිරිතැන්න, තල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඉන් සැකකරුවෙක් ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කහවැන්නගම, තල්පේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි වියේ පසුවන අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
0
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?