spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිරිතක් නිසා පොඩි නමට කැත්තෙන් දමා ගැසූ ලොකු නම

පිරිත් දැමීම සම්බන්ධයෙන් ඇතිවූ ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් හිමි නමක් තවත් හිමිනමකට කැත්තකින් පහරදී රෝහල් ගතකර ඇතැයි වැලිපැන්න පොලිසිය පවසනවා.

වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක දෛනිකව ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පිරිත් විකාශය කරන අතර, ඊයේ (24) එය විකාශය නොකිරීම සම්බන්ධයෙන් එහි වැඩවසන ස්වාමීන් වහන්සේලා දෙනමක්දෙ අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇතැයි පැවසේ.

තුවාල ලැබූ හිමිනම අලුත්ගම දර්ගා නගරයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, උන්වහන්සේගේ තත්ත්වය බරපතළ නොවන බැව් රෝහල් ප්‍රකාශයකයෙක් සඳහන් කර සිටියේ.

තුවාල ලබා ඇත්තේ 21 ක් හැවිරිදි හිමි නමක් වන අතර, පහරදී ඇත්තේ 28 හැවිරිදි හිමි නමක් බැව් පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?