පියාගේ යකඩ පොලු පහරින් දියණිය මරු දකී

කළුතර උතුර පොලිස් වසමේ බෝසිරිපුර ප්‍රදේශයේ පහරදීමක් හේතුවෙන් ඊයේ (04) දහවල් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 35ක කාන්තාවක් බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාව සහ ඇයගේ පියා අතර කලක සිට පැවති ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පියා විසින් යකඩ පොල්ලකින් පහරදී තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලැබූ එම කාන්තාව නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදුකළ වයස අවුරුදු 63ක සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර උතුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් ඇති අතර කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
8
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34