පිටකොටුවේ නිමිඇඳුම් ප්‍රදර්ශනාගාරයක් සුද්ද කළ මැනේජර් ඇතුළු හතරක් අත්අඩංගුවට

පිටකොටුව, හෙට්ටිවීදිය, මුහුදු මාවතේ පිහිටි නිමිඇඳුම් ප්‍රදර්ශනාගාරයකින් මුදල් සහ නිමිඇඳුම් සොරාගත් එම ප්‍රදර්ශනාගාරයේ කළමනාකරු ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවටට ගත් සෙසු සැකකරුවන් තිදෙනා වෙළෙඳ සහායකයන් බව පොලිසිය සඳහන් කළා.

මොවුන් විසින් වෙළඳසැලෙන් රුපියල් ලක්ෂ 62ක් පමණ වටිනා මුදල් සහ නිමිඇඳුම් සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ මස පළවෙනිදා සහ 12 දා අතර කාලයේ දී තම ප්‍රදර්ශනාගාරයෙන් රුපියල් ලක්ෂ 32ක මුදලක් සහ අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 30ක පමණ නිමි ඇඳුම් තොගයක් සොරකම් කර ඇති බවට එහි හිමිකරු විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ, අනුව සිදුකළ විමර්ශනවල දී සැකකාර කළමනාකරු ඇතුළු සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී සොරාගත් රුපියල් ලක්ෂ 32ක මුදල සැකකාර කළමනාකරුගේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි නිවසේ සඟවා තිබිය දී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සොරකමට අදාළ තවත් සේවකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, සැකකරුවන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
13
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23