spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැළඳ සිටි ශෝල් එකෙන් ඇද දැරියක් අවසන් ගමන් යැවූ හැටි CCTV කැමරාවේ සටහන් වෙයි (වීඩියෝ)

යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු පාපැදියකින් ගමන් කරමින් සිටි දැරියක් පැළඳ සිටි දුපට්ටාවෙන් (ශෝල් එක) ඇදීම හේතුවෙන් සිදු වූ අනතුරකින් අදාළ දැරිය අවාසනාවන්ත ලෙස මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අම්බෙඩ්කාර් හි පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අදාළ සිසුවිය පසුගිය සිකුරාදා සිය මිතුරිය සමඟ පාපැදියෙන් නිවස බලා යමින් සිටියදී, යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඇය පැළඳ සිටි දුපට්ටාවෙන් (ශෝල් එකෙන්) ඇද තිබෙනවා.

එම අවස්ථාවේ දී ඇයගේ සමබරතාවය ගිලිහී ගොස් ඇය ධාවනය කරමින් තිබූ පා පැදිය පසුපසින් පැමිණි යතුරුපැදියක ගැටී ඇති බවයි වාර්තා වුණේ.

එම අනතුරින් හිසට බරපතළ තුවාල සිදු වූ සිසුවිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

අනතුර සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු සිද්ධියට සම්බන්ධ සැකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
1
+1
8
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?