පැරා ලෝකඩ පදක්කම් ශූරයින් යළිත් මව්බිමට

ඉන්දියාවේ පැවති 2025 “පැරා” ලෝක ශූරතා තරගාවලිය සඳහා ( PARA World Championship – Athletics -2025 )  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නුවන් ඉන්දික සහ ප්‍රදීප් සෝමසිරි යන ක්‍රීඩකයින් දෙදෙනා , එහිදී තමන් සහභාගී වූ ඉසව් වලින් ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන අද (07) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලියට ලෝකයේ රටවල් 100 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 980 දෙනෙක්ගේ සහභාගීත්වයෙන් පසුගිය 27 දින සිට 05 දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර පවත්වා තිබුණා.

එහිදී දුර පැනීමේ ඉසව් සදහා සහභාගී වූ නුවන් ඉන්දික මීටර් 06.46 ක දුරක් පනිමින් , ඔහුගේ පෞද්ගලික හොදම දක්ෂතාවය කරා පැමිණෙමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

එසේම මීටර් 1,500 දිවීමේ ඉසව්වට සහභාගී වූ ප්‍රදීප් සෝමසිරි ආසියානූ තරග වාර්තාවක් තබමින් ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවා.

එමෙන්ම මෙම තරගාවලියට සහභාගී වූ මීටර් 100 සහ දුර පැනීමේ ඉසව් වලට සහභාගී වූ ජනනි ධනංජනා ඇයගේ හොදම තරග කාලය වාර්තා කිරීමට සමත් වී තිබූ අතර මෙම තරගාවලියේ දුර පැනීමේ ඉසව්වට සහභාගී වූ බුද්ධික ප්‍රනාන්දු ඔහුගේ වැඩිම පුද්ගල දක්ෂතාවය පෙන්නුම් කිරීමට ද සමත් වී තිබෙනවා.

මව්බිමට පැමිණි ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

  1. රටට ආඩම්බරයකි. ඔබ දෙපලගෙ අනාගත ජයග්‍රහණයන් සඳහා ආශිර්වාද කරමි.මේ අය ගැන මීට වඩා වැඩි ප්‍රචාරයක් මාධ්‍ය වලින් ලැබිය යුතු බව මතක් කිරීමට කැමැත්තෙමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
නවුෆර් මවුලවි ඇතුළු වරදකරුවන් බන්ධනාගාරයට යද්දී වුණ දේ..
01:32
Video thumbnail
වසර 220කට වැඩි සිර දඬුවම් නියම වූ පාස්කු වරදකරුවන් 15 දෙනාවම බන්ධනාගාරයට රැගෙන ගිය හැටි
00:40
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53