පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකා­ශ­යට පත් කිරීම ළඟ­දීම

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් නවු­ෆර් මවු­ලවි ඇතුළු විත්ති­ක­රුවෝ 24 දෙන­ක්ට එරෙ­හිව විභාග වන පාස්කු මහ නඩුවේ තීන්දුව ළඟ­දීම ප්‍රකා­ශ­යට පත්කි­රී­මට නිය­මි­තයි.

ඊයේ (11) රාත්‍රිය වන විට පැමි­ණිලි පාර්ශ්වයේ අව­සාන සාක්ෂි ඉදි­රි­පත් කිරීම සිදු­වුණා.

වසර 5කට ආසන්න කාල­යක් තුළ දින 245ක් පමණ දීර්ඝ වශ­යෙන් ඉදි­රි­පත් කෙරුණු පැමි­ණිල්ලේ නඩුව ඊයේ (11) නිමා වුණා.

මහා­ධි­ක­රණ විනි­සුරු නව­රත්න මාර­සිංහ (සභා­පති), සුජීව නිශ්ශංක සහ රාම­නා­දන් කන්නන් යන සෙසු මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රු­න්ගෙන් සම­න්විත කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ මෙම නඩුව විභාග වනවා.

පැමි­ණිල්ලේ නඩුව අව­සන් වීමෙන් පසු විත්තියේ සාක්ෂි විම­සීම සිදුවේ. අන­තු­රුව දෙපා­ර්ශ්වයේ ලිඛිත දේශන ඉදි­රි­පත් කිරී­මෙන් පසු තීන්දුව සඳහා දින නියම කිරීම සිදුවේ වනවා.

පාස්කු ඉරිදා ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් නඩු 31ක් පවරා ඇත. එම නඩු අත­රින් නඩු 5ක් ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ හමුවේ විභාග වේ. ඉන් නඩු 3ක තීන්දු මේ වන විට ප්‍රකා­ශ­යට පත්කර වැරැ­දි­ක­රු­වන්ට දඬු­වම් නිය­මව තිබෙනවා.

නිසි බුද්ධි තොර­තුරු ලැබී තිබි­යදී රාජ­කා­රිය පැහැර හැරීම ඇතුළු චෝදනා 854කට වර­ද­කරු කෙරුණු හිටපු ආර­ක්ෂක ලේකම් හේම­සිරි ප්‍රනාන්දු සහ හිටපු පොලි­ස්පති පූජිත් ජය­සු­න්ද­රට එරෙ­හිව පව­රන ලද ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ නඩු­වෙන් ඔවුන් වර­ද­ක­රු­වන් වී මරණ දඬු­වම නියම වී තිබෙනවා.

ඊට අම­ත­රව මාව­නැල්ල ප්‍රදේ­ශයේ බුද්ධ ප්‍රතිමා 7කට හා දේව ප්‍රති­මා­ව­කට අලා­භ­හානි කිරීම සම්බ­න්ධ­යෙන් සබ­ර­ග­මුව පළාත් ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ විභාග වූ නඩු­වෙන් වැරැ­දි­ක­රු­වන් වූ විත්ති­ක­රු­වන් 11 දෙන­කුට ද දඬු­වම් නිය­මව තිබෙනවා.

මෙම නඩු තුනේ තීන්දු ප්‍රකා­ශ­යට පත්ව ඇති අතර තවත් නඩු තුනක තීන්දු ප්‍රකා­ශ­යට පත්කි­රී­මට නිය­මි­තයි.

පුත්ත­ලම, ලැක්ටෝස් වත්ත ප්‍රදේ­ශයේ ත්‍රස්ත පුහුණු කඳ­වු­රක් සහ පුපු­රන ද්‍රව්‍ය ගබ­ඩා­වක් පව­ත්වා­ගෙන යෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විත්ති­ක­රු­වන් 6 දෙන­කුට පුත්ත­ලම ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ පව­රන ලද නඩුව සහ කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ විත්ති­ක­රු­වන් 24 දෙන­කුට එරෙ­හිව විභාග වන මහ නඩුවේ සාක්ෂි විභා­ගය සිදු වනවා.

එම නඩු කාර්ය­ක්ෂ­මව විභාග කිරීම සඳහා පුත්ත­ලම ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ විභා­ග­යට ගැනුණු නඩුව ද පසු­ගිය මාස 2කට පමණ පෙර සිට කොළඹ මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ විභාග වේ. කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය අලු­ත්කඩේ පැරැණි මහේ­ස්ත්‍රාත් උසාවි සංකී­ර්ණයේ ස්ථාපිත කළ නව ගොඩ­නැ­ඟි­ල්ලට ගෙන යෑමෙන් පසු පාස්කු මහ නඩුව දින­පතා විභා­ග­යට ගැනීම සිදුවනවා.

පසු­ගිය කාලය තුළ නඩුව දින­පතා රාත්‍රී 10.00 පමණ වන තෙක් විභාග වූ අතර, අධි­ක­රණ වාර නිවා­ඩුව යෙදෙන මෙම සති­යේද සුපු­රුදු පරිදි මෙම නඩුව විභාග වනවා.

පැමි­ණිල්ලේ සාක්ෂි විම­සී­මේදී විත්ති­ක­රු­වන් දුන් පාපෝ­ච්චා­රණ කිහි­ප­යක් ස්වේච්ඡා­වෙන් දී ඇති බව ඒ සඳහා පැවැති සත්‍යතා පරී­ක්ෂ­ණ­යේදී සනාථ වුණා.

නඩු විභා­ග­යේදී සහ­රාන්ගේ මරා­ගෙන මැරෙන කණ්ඩා­යමේ සාමා­ජි­ක­යෙක් රජයේ සාක්ෂි­ක­රු­වකු වෙමින් කරුණු රැසක් අනා­ව­ර­ණය කළා.

මෙම නඩුව මුල් කාලයේ විභාග වූයේ මස­කට වරක්.

පසුව සති­යට දින 2-3ක් විභාග කෙරුණු අතර, පසු­ගිය වසරේ සිට නඩු විභා­ගය දින­පතා සිදුවනවා.

මේ වන විට දින 245කට ආසන්න කාල­යක් පැමි­ණිල්ලේ සාක්ෂි විභා­ග­යට ගෙන තිබේ.

නඩු විභා­ගය කාර්ය­ක්ෂම කිරීම සඳහා ගත් පිය­වර නිසා සාමාන්‍ය ක්‍රම­වේ­දය අනුව වසර 10ක් හෝ ඊටත් වැඩි කාල­යක් විභාග වීමට නිය­මි­තව තිබුණු මෙම නඩුව, පැමි­ණිල්ලේ නඩුව අව­සන්ව තීර­ණා­ත්මක අව­ස්ථා­ව­කට පැමිණ තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ අති­රේක සොලි­සි­ටර් ජන­රාල් හරි­ප්‍රියා ජය­සු­න්දර, අති­රේක සොලි­සි­ටර් ජන­රාල් සුද­ර්ශන ද සිල්වා, අධි­නී­ති­ඥ­ව­රුන් වන සජිත්ත බණ්ඩාර, ශක්ති ජාගො­ඩ­ආ­රච්චි, අකිලා දල්ප­දාදු යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සම­න්විත නීතිඥ කණ්ඩා­ය­මක් පැමි­ණිල්ල මෙහෙ­ය­වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40