පාසල් සිසුවියට හිත ගිය කොස්තාපල් CID වෙස්ගෙන ගෙදරට ගිහින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් හැටන් ප්‍රදේශයේ පාසල් සිසුවියෙකුගේ නිවසට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී සැකකාර කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ 05ක ශරිර ඇප මත මුදාහැරීමටයි ඊයේ (30) නියෝග කර ඇත්තේ.

මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ හැටන්, දිඹුලපතන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වුණේ.

මෙම කොස්තාපල්වරයා හැටන් ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියක් කෙරෙහි පෙම් සිතක් ඇති වී පසුගිය 28 වනදා ඇය හමුවීමේ අරමුණින් සිසුවිය ඉගෙනුම ලබන පාසල වෙත ගොස් තිබෙනවා.

තමන් ආපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු බව පාසලේ විදුහල්පතිවරයාට පවසා විදුහල්පතිවරයාගේ ද අවසරය මත එහිදී මෙම පුද්ගලයා සිසුවිය මුණගැසී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී තමන් ආපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු බව සිසුවියට ද පවසා, විමර්ශනයක් සඳහා තමන්ට ප්‍රකාශයක් සටහන් කර ගැනිමට අවශ්‍ය බව පවසමින් නුවරඑළිය විශේෂ විමර්ෂණ අංශයට පැමිණෙන ලෙසට දැනුම් දී තිබෙනවා.

විමර්ෂණය සිදුකිරිම සඳහා තමන්ට ලැබි ඇති උපදෙස් සහිත දුරකථන පණිවිඩයක් ද එම අවස්ථාවේ දී සිසුවියට පෙන්වා ඇති සැකකාර කොස්තාපල්වරයා ඔහුගේ දුරකථන අංකය ඇය වෙත ලබා දී ඇති බව ද සඳහන්.

සිසුවිය මේ සම්බන්ධයෙන් දෙමව්පියන් වෙත දැනුම් දීමෙන් පසු ඇයගේ පියා විසින් සැකකරු විසින් ලබාදුන් දුරකථන අංකයට
ඇමතුමක් ලබා දී අදාළ විමර්ශනයට අවශ්‍ය ප්‍රකාශ ලබාදීමට සැකකාර පොලිස් නිලධාරියාට නිවසට පැමිණෙන ලෙසට දන්වා තිබෙනවා.

ඒ, අනුව ඉකුත් 28 වනදා සිසුවියගේ නිවසට පැමිණ සැකකරු පිළිබදව සැකසිතූ සිසුවියගේ දෙමව්පියන් නුවරඑළිය දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් දැනුවත්කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා සැකකරුට දුරකථනය ලබාදෙන ලෙස පවසා ඇති අතර, අනතුරුව ඔහුගෙන් තොරතුරු විමසා තිබෙනවා.

එහිදි සැකකාර පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු නොවන බව වටහාගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා දෙමව්පියන්ට පවසා ඇත්තේ හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණෙන තෙක් සැකකරු නිවසේ රඳවා තබා ගන්නා ලෙසයි.

අනතුරුව පොලිස් නිලධාරී පැමිණ සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ සිසුවිය කෙරෙහි ඇති වූ ආදරය නිසා ඇයව යාලුකර ගැනීමට මෙම උපක්‍රමය දියත් කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
7
+1
76
+1
5
+1
4
+1
2
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
10වන අභිමානවත් විධායක ජනාධිපති දිලිත් ජයවීර මැතිතුමා..අපේකම හඳුනන අපේම මිනිහෙක්
02:14
Video thumbnail
ජනපති අනුර ජනතාව ඉස්සරහ ගැම්මට විපක්ෂයට කිව්ව දේ..මේ ආණ්ඩුව රකින්නේ රටේ ජනතාව
11:55
Video thumbnail
දසත පුරා - මැයි දින රැළි පිළිබඳ නවතම තතු / සජීවී තොරතුරු විකාශය
01:06:15
Video thumbnail
සෙනඟ මැදින් ආ දිලිත්ට වුණු අකරතැබ්බිය
04:17
Video thumbnail
UNP පිරිත් දේශනය සිරිකොත මන්දිරයේදී පැවැත්වුණු හැටි..තලතා, අකිල විරාජ් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:22
Video thumbnail
ආණ්ඩුව පළවාහරින පළමු වෙඩිමුරය අද පටන්ගන්නවා
04:43
Video thumbnail
දුෂ්ශීල නායකයෝ අද සිල් ගන්නවා - පාතාලයේ උන්ට ආයේ මේ රටේ බලය යන්න දෙන්න බෑ
10:04
Video thumbnail
සමන්ත නුවරඑළිය වේදිකාව දෙවනත් කරයි
05:10
Video thumbnail
තව අවුරුදු 15කට තියෙන්නේ අපේ ආණ්ඩුව
02:06
Video thumbnail
මේක ලෝකේ වාර්තාවක් තියෙන දවසක් - මහවැලි පරදනා මහ ජන ගඟක් බොලව්
03:43