පාසල් වෑන් අද දිනයේ අඩු බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසයි

දිවයින පුරා ධාවනය වන පාසල් වෑන් රථවලින් අද (15) ධාවනය කරන්නේ සියයට 30 ක් බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්‍ද්‍ර පද්මසිරි මහතා පැවසීය.පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මෙලෙස පාසල් වෑන් අඩු ප්‍රමාණයක් ධාවනය වන බවයි ඔවුන් පවසන්නේ.

රට පුරා පාසල් වෑන් රථ 48,000 ක් ඇති බවත්, ඒවායින් අද 15,000 ක් පමණ ධාවනය වන බවත් ඒ මහතා කියා සිටියේය.පාසල් වෑන් රථ බොහෝමයක් ඉන්ධන පෝලිම්වල ඇති බවයි ඔහු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?