පාර හරහා පැන්න සුනඛයෙකු නිසා පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

ගමන් කරමින් තිබූ යතුරුපැදිය මාර්ගයේ ගිය සුනඛයෙකුගේ ශරීරයේ ගැටීමෙන් පාලනය කරගත නොහැකි ව ගොස් ඉදිරියෙන් එමින් තිබූ ලොරි රථයක ගැටීමෙන් සිදු වූ හදිසි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අනතුර ඊයේ (03) පස්වරුවේ සිදු ව ඇත්තේ ආණමඩුව – පුත්තලම මාර්ගයේ තෝනිගල ප්‍රදේශයේ දියි.

ලොරි රථයේ ද ගැටුණු යතුරුපැදිය පදවාගෙන ආ පැදිකරු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ව තුවාල ලැබූ විගස රෝහල්ගත කළ ද ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරින් මිය ගොස් ඇත්තේ මහකුඹුක්කඩවල – දංගස්වැව පදිංචිව සිටි අබේරත්න හේරත් මුදියන්සේලාගේ හීන් බණ්ඩා නමැති 69 හැවිරිදි අයෙක්.

මිය ගොස් ඇති අය ආණමඩුව සති පොළට පැමිණ නිවසට අවශ්‍ය දෑ මිල දී ගෙන ආපසු නිවස බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවුණා.

ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53