පාරිසරික ගැටළු ගැන මොංගෝලියාවේ පරිසර ඇමති සමඟ ඇමති දම්මික සාකච්ඡාවක්

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ මොංගෝලියාවේ පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍ය සැන්ඩාග්-ඔචිර් සෙන්ඩ් (Sandag-Ochir Tsend) අතර UNCCD COP17 සමුළුවට සමගාමිව විශේෂ හමුවක් පැවැත්වුණා.

සාකච්ඡාවේ දී පරිසර අමාත්‍යතුමා, UNCCD COP17 සමුළුව සාර්ථකව පැවැත්වීම සඳහා මොංගෝලියා රජය ලබාදෙන නායකත්වය හා සූදානම අගය කරමින්, සමුළුවේ සාර්ථක ප්‍රතිඵල සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය පළ කළා.

දෙරටම බලපානු ලබන පාරිසරික ගැටළු ලෙස හදුනාගෙන තිබෙන භූමි හායනය, නියඟය, ජල හිඟය සහ පරිසර පද්ධති අවදානම් වැනි පොදු අභියෝගවලට මුහුණ දෙන බැවින්, භූමි ප්‍රතිථාපනය,තිරසර භූමි හා ජල කළමනාකරණය, වන සම්පත් සහ වන ජීවි සංරක්ෂණය, නියඟයට ඔරොත්තු දීම සහ 2030 වන විට LDN ඉලක්කය ළඟා කර ගැනීම සම්බන්ධයෙන් දැනුම, තාක්ෂණය හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරුණා.

එමෙන්ම, දේශගුණික මූල්‍ය, තාක්ෂණික සහයෝගීතාව හා ධාරිතා සංවර්ධනය ශක්තිමත් කිරීමත්, UNEA-8 ඇතුළු ජාත්‍යන්තර හා කලාපීය පාරිසරික ක්‍රියාවලීන්හිදී දෙරටේ සහයෝගීතාව වැඩිදියුණු කිරීමත් පිළිබඳව සාකච්ඡා කෙරිණි. ඉදිරි සහයෝගීතාව සඳහා භූමි ප්‍රතිසංස්කරණය, නියඟයට ඔරොත්තු දීම, තිරසර ජල කළමනාකරණය, තාක්ෂණික දැනුම හුවමාරුව සහ ධාරිතා සංවර්ධනය ප්‍රමුඛ ක්ෂේත්‍ර ලෙස හඳුනා ගත්තා.

ශ්‍රී ලංකාව සහ මොංගෝලියාව අතර මෙම සහයෝගීතාව ආසියා–පැසිෆික් කලාපයේ පොදු පාරිසරික ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාමට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල හඬ ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයිද පරිසර අමාත්‍යවරුන් සහභාගි වු මෙම හමුවේ දි අවධානයට යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32