පාර්ලිමේන්තුව තුළ ඉදිරියේදී බොහෝ වෙනස්කම් සිදුවේවි

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ බොහෝ වෙනස්කම් විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා. අද පෙරවරුවේ කථානායකවරා සමග පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ.

සර්ව පාක්ෂික රජයක් බිහි කිරීමෙන් අනතුරුව කතානායකවරයා වෙනස්වන්නේදැයි මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර මහතා මේබව කියා සිටියා.

කෙසේවෙතත් සර්ව පාක්ෂික රජයක් නිර්මාණය කළ ද වර්තමානයේ ජනතාව මුහුණ දෙන ගැටලුවලට ක්ෂණික විසඳුම්නො ලැබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ. සර්ව පාක්ෂික රජයක් නිර්මාණය කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බව ද මහින්ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මේ අතර විදුලි බිල වැඩි වීම සම්බන්ධයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට ලක්වූ බව මහින්ද අමරවීර කියාසිටියා.

මෙම අවස්ථාවේ විදුලි බිල වැඩිවීම ජනතාවට එය අසීරුතාවක් වුව ද විදුලි බල මණ්ඩලයට ද මේ අවස්ථාවේ පාඩුවක් සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර පක්ෂ 11 මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර හෙට ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාව සදහා සහභාගි වීම සම්බන්ධයෙන් එහිදී තීරණය කරන බවද මහින්ද අමරවීර මහතා අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48