පාර්ලිමේන්තුවේ කෑම මිලත් ඉහළට නගියි

ගෑස් ඉන්ධන කිරිපිටි එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගේ, සේවකයන්ගේ සහ අමුත්තන්ගේ ආහාර වේල්වල මිලද පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් මේ මාසයේ සිටම වැඩි කරනු ලැබ තිබෙනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර වේලේ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මන්ත්‍රීවරුන්ගේ ආහාර වේලේ මිල පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉදිරියේදී රැස්වී තීරණය කරනු ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් දිනපතා පුවත්පතක් වාර්තාකර සිටියේ.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම නිසා ගෘහ කාරක සභාව මේවනවිට පවතින්නේ අක්‍රිය තත්වයේය. පාර්ලිමේන්තුවේ ආහාරවල මිල ගණන් මෙසේ වැඩි කෙරෙන්නේ වසර හතරකට පමණ පසුව බවද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

මෙම නව මිල සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවේ විධායක නිලධාරියකුගේ කෑම වේල සඳහා (විධායක ශ්‍රේණි ආපනශාලාව) මාසිකව අය කෙරුණු රුපියල් හාරසියයේ ගාස්තුව රුපියල් 700 දක්වා වැඩි කෙරෙනු ඇත.

සාමාන්‍ය සේවකයකු සඳහා (සාමාන්‍ය ආපන ශාලාව) මාසිකව අය කෙරුණු රුපියල් දෙසීයේ ගාස්තුව නව මිල සංශෝධනය යටතේ රුපියල් හාර සියයක් දක්වා වැඩි කෙරෙන අතර පොලිස් නිලධාරියකුගෙන් කෑම වේලක් සඳහා අය කෙරුණු රුපියල් 25ක මුදල රුපියල් පනහක් 50 ක් දක්වා වැඩි කෙරේ.

පාර්ලිමේන්තු ආවරණය සඳහා පැමිණෙන මාධ්‍යවේදියකුගේ කෑම වේලක් සඳහා අය කෙරුණු රුපියල් 70ක මුදල රුපියල් සියයක් දක්වා වැඩි කෙරෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසන්නේ.

ගෑස් ඉන්ධන කිරිපිටි එළවළු සහල් සහ ආහාර පිළියෙළ කිරීමට අවශ්‍ය වන අමුද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා පැරණි මිල ගණන් වලට ආහාර ලබාදීම කිසිසේත්ම කළ නොහැකි හෙයින් මිල ගණන් මෙසේ සංශෝධනය කළ බව පාර්ලිමේන්තු ආපනශාලා අංශයේ ප්‍රකාශකයෙක් සදහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46