පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර පාර්ලිමේන්තුවක් නිශ්චිත කාලයකට පසුව පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂ එකොළහේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි . කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් ගේ කමිටුව තුළින් ගන්නා තීරණ වහා ක්‍රියාත්මක කර ගැනීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කළ බව ඔහු පැවසීය.
තම පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විය යුතු වෙනස්කම් පිළිබඳව අඛණ්ඩව යෝජනා ඉදිරිපත් කර ඇති බව එම පක්ෂ නියෝජිතයන්ට පෙන්වා දුන් බව දිනේෂ් ගුණවර්ධන මහතා කීය. මේවන තෙක් සර්වපාක්ෂික එකඟතාවයක් පාර්ලිමේන්තුව තුළ ඇති කරගැනීමට නොහැකි වූ බවත් ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගත කරන කාලය තුළින් එය පෙන්නුම් වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය














මොනව උනත් හොද තීරනයක් මොකද ඔය මගුල තිබ්බැයි කියල රටට කිසිම සෙතක් නෑනෙ. ඔය මගුල ඔතනින් අයින් කරල දැම්මොත් හොදයි හැබයි ඉතින් ඒවගෙම හිතේ හැටියට ජනදිපතිට හොරකම් කරන්න පුලුවන් පාලිමෙත්න්තුව නැති උනම පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න ඕනෙ මොකද අපි ඩයල් එක ගෑන දන්නවනෙ ඉබ්බ දියේ දෑම්මම ඈන්නවෙ කිව්ව වගෙ තියේවි