පාප් වහන්සේ මාධ්‍යයෙන් බෙදීම්සහගත පුවත් මැවීමෙන් වළකින ලෙසට ඉල්ලයි

ලියෝ පාප් වහන්සේ ජනමාධ්‍යයෙන් බෙදීම්වලින් වැළකී සිටින ලෙසත්, එවැනි බෙදීම් ඇති විය හැකි ආකාරයේ පුවත් වාර්තා නොකරන ලෙසටත් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ඊට අමතරව මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී මෙහෙවරක් ඉටු කරමින් සිරගත කර ඇති ලෝකයේ සෑම මාධ්‍යවේදියෙකු ම නිදහස් කිරීමට අදාළ පාලනාධිකාරියන් පියවර ගත යුතු බවට අවධාරණය කර ඇති බවයි.

XIV වන ලියෝ පාප් වහන්සේ මාධ්‍ය වෙත කළ පළමු දේශනයේ දී, පක්ෂග්‍රාහී වාද විවාදවලට සම්බන්ධ වීම වෙනුවට සත්‍යය වාර්තා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි බව වාර්තා වනවා.

මාධ්‍යකරණය නිසි ලෙස ඉටු කිරීමට සිරගත කරන ලද වාර්තාකරුවන් නිදහස් කරන ලෙස ද මෙහි දී ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?