පාන් ලොරියක දොර ගැලවී ගොස් දරුවෙකුගේ ඇඟේ වැදී මාරක අනතුරක් (වීඩියෝ)

තම සහෝදරයා සමඟ පාපැදි පදිමින් සිටි පාසල් සිසුවෙකු අනතුරකට ලක්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (25) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 13 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි වාර්තා වන්නේ.

වාද්දුව දෙස සිට හබරලගහලන්ද දෙසට ධාවනය වූ පාන් ලොරියක ඉදිරිපස පැති දොර එකවරම ගැලවී ගොස් පාපැදි පදිමින් සිටි මෙම දරුවාගේ ශරීරයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි සිදුකළ මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචිව ගගන කාවින්ද නම් දරුවෙක් මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථය පැද වූ රියදුරා වාද්දූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
15
+1
1
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?