පාන් ලොරියක දොර ගැලවී ගොස් දරුවෙකුගේ ඇඟේ වැදී මාරක අනතුරක් (වීඩියෝ)

තම සහෝදරයා සමඟ පාපැදි පදිමින් සිටි පාසල් සිසුවෙකු අනතුරකට ලක්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (25) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 13 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි වාර්තා වන්නේ.

වාද්දුව දෙස සිට හබරලගහලන්ද දෙසට ධාවනය වූ පාන් ලොරියක ඉදිරිපස පැති දොර එකවරම ගැලවී ගොස් පාපැදි පදිමින් සිටි මෙම දරුවාගේ ශරීරයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි සිදුකළ මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචිව ගගන කාවින්ද නම් දරුවෙක් මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථය පැද වූ රියදුරා වාද්දූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

https://www.youtube.com/watch?v=R4oCwRCoav0


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40