spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට සීමා

පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම් දි තිබෙනවා. ඒ හොරණ රජමහා විහාරස්ථානයේ රයිගම්පුර නවම් මහ පෙරහැර හේතුවෙන්,

අද (17) රාත්‍රියේ නවම් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත අතර මේ සදහා  අලිඇතුන් 40ක් හා ශාස්ත්‍රීය නර්තන කණ්ඩායම් 85ක් එකතුවීමට නියමිතයි.

පොලීසිය සඳහන් කළේ, හොරණ රජමහා විහාරස්ථානයේ අසල සිට පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ කොටසක් වන විද්‍යාරතන හන්දිය සිට හොරණ පොලීසියට හැරෙන හංදිය දක්වා කොටසේ වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිත බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?