පාකිස්ථානය පැරදූ දකුණු අප්‍රිකාවට අසීරු ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවති තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

චෙන්නායිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 270ක් රැස් කළා.

නායක බාබර් අසාම් ලකුණු 50ක් සහ සාවුඩ් ශකීල් ලකුණු 52ක් ලබා ගත්තා. ශාහිඩ් ඛාන් 43යි.

පන්දු යැවීමේදී Tabraiz Shamsi කඩුලු 4ක් සහ Marco Jansen කඩුලු 3ක් බිඳ හෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට හිමි වූ ඉලක්කය ලකුණු 271ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 47යි පන්දු 2ක් අවසානයේ කඩුලු 9ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Aiden Markram ලකුණු 91ක් ලබා ගත්තා. නායක Temba Bavuma ලකුණු 28යි.

Shaheen Shah Afridi කඩුලු 3යි. Mohammad Wasim, Haris Rauf සහ Usama Mir කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.10
00:00
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15
Video thumbnail
මං මෝඩයන්ට උත්තර දෙන්නේ නෑ - මරික්කාර් සැර වෙයි
10:05
Video thumbnail
කළුතර ප්‍රා. සභාවේ මන්ත්‍රීලගේ වැඩ බලන්න ආ වඳුරා..හරි අපූරුවට බලන් ඉන්න හැටි
01:40
Video thumbnail
අපිට නම් දැන් සනීපයි හොඳටම - ආණ්ඩුවට දීලා අනාගත්තා
04:53