ආපදා හානි කළ තේ, පොල්, රබර් සඳහාත් සහන සැලසීමට අනුමැතිය

පසුගිය වසරේ නොවැම්බර් මස අග භාගයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් ක්ෂේත්‍ර භෝග, එළවළු සහ පළතුරු වගාවන් කඩිනමින් නැවත වගා කිරීම සඳහා ගොවීන් වෙත සහන සැලසීමටත්, එම ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ ගම්මිරිස්, කෝපි සහ කරඳමුංගු වැනි සුළු අපනයන භෝග නැවත වගාවන් සඳහා සහන සැලසීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දී ඇති අතර, අදාළ සහනයන් ප්‍රතිලාභී ගොවින් වෙත ලබා දීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යි.

එසේම, හානියට පත්ව ඇති තේ, පොල් සහ රබර් නැවත වගා කිරීම සඳහා ද සහන සලසා දීමේ අවශ්‍යකාව පිළිබඳව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් මහා භාණ්ඩාගාරය වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

එම නිර්දේශ මත පදනම්ව, ආපදාවේ බලපෑම අනුව පහත සඳහන් පරිදි සහන සලසා දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථිත සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසා සිටියා.

ඒ අනුව, තේ වගාව සඳහා උපරිම් වශයෙන් හෙක්ටයාරයකට රුපියල් 500,000/- දක්වා, රබර් වගාව සඳහා උපරිම වශයෙන් හෙක්ටයාරයකට රුපියල් 400,000/- දක්වා, පොල් වගාව සඳහා උපරිම වශයෙන් හෙක්ටයාරයකට රුපියල් 750,000/- දක්වා සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48