spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථානය පැරදූ දකුණු අප්‍රිකාවට අසීරු ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවති තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

චෙන්නායිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 270ක් රැස් කළා.

නායක බාබර් අසාම් ලකුණු 50ක් සහ සාවුඩ් ශකීල් ලකුණු 52ක් ලබා ගත්තා. ශාහිඩ් ඛාන් 43යි.

පන්දු යැවීමේදී Tabraiz Shamsi කඩුලු 4ක් සහ Marco Jansen කඩුලු 3ක් බිඳ හෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට හිමි වූ ඉලක්කය ලකුණු 271ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 47යි පන්දු 2ක් අවසානයේ කඩුලු 9ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Aiden Markram ලකුණු 91ක් ලබා ගත්තා. නායක Temba Bavuma ලකුණු 28යි.

Shaheen Shah Afridi කඩුලු 3යි. Mohammad Wasim, Haris Rauf සහ Usama Mir කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?